
ෆෙඩරල් මැතිවරණයෙන් පසු වික්ටෝරියානු අගමැතිනි Jacinta Allan චීනයේ සංචාරය කිරීමට සූදානම් වනවා.
මෙම සංචාරය සැප්තැම්බර් මාසයේ සැලසුම් කර ඇති අතර ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයින් සහ ජනතා නියෝජිතයින් සමඟ වෙළඳ සාකච්ඡා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නෙ.
වික්ටෝරියාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ආසියානු වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි උපාය මාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇති.

ආහාර, රෙදිපිළි, බලශක්තිය, වෛද්‍ය තාක්ෂණය, සංචාරක කර්මාන්තය මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර එම උපාය මාර්ගයන්ට ඇතුලත් වනවා.
චීන ඔස්ට්‍රේලියා සබැදියාව බිඳ දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ දෑරූ බවද ජසින්ටා ඇලන් චෝදනා කරනවා.

කෙසේවෙතත් පවතින ගෝලීය ආර්ථික අර්බුදයට වික්ටෝරියාව සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ආර්ථික වර්ධනයක් ඇතිකිරීම තම අභිප්‍රාය බව අගමැතිනිය වැඩිදුරටත් කියාසිටියා.