Search

තුන්වන දරුවාටත් උපතදී – මියගිය Tattoo artist

තුන්වන දරු ප්‍රසූතියෙන් පසු ජනප්‍රිය ඕස්ට්‍රේලියානු Tattoo කලාකාරිනියක් මියගොස් තිබෙනවා.

Queensland’s Sunshine Coast  හි  වාසය කල Stacey Nightingale ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවුලේ අය මරණය නිවේදනය කර තිබුනා.

ඇගේ තුන්වන දරුවා බිහි කිරීමෙන් සුලු වේලාවකට පසු ඇය මිය බවත් අප සමඟ රැඳී සිටීමට දැඩි ලෙස සටන් කළ නමුත් අවසානයේ මරණයට පත් වූ බවත් එම සටහනේ දැක්වුනා.

ඇය දන්නා ඕනෑම කෙනෙකුට, විශේෂයෙන් ඇගේ පවුලේ අයට,  සහ දරුවන් තිදෙනාට මෙම පාඩුව වචනවලින් විස්තර කළ නොහැකි බවද ඔවුන් සදහන් කර තිබෙනවා.

Sunshine Coast Hospital සහ සෞඛ්‍ය ආයතනයේ ප්‍රකාශකයෙකු නයිටිංගේල්ගේ පවුලේ අයට ශෝකය පල කර තිබෙනවා.

එහෙත් රෝගීන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර තනි පුද්ගල සත්කාර තත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැති බවයි ඔවුන් සදහන් කලේ.

 

 

 

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »