
දූෂණ චෝදනා 11ක් සම්බන්ධයෙන් ටස්මේනියාවේ Ashley Youth Detention Centre හි හිටපු තරුණ රැඳවුම් සේවකයෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
1970 සිට සිදුවූ දූෂණ චෝදනා 11ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බවයි වාර්තා වුනේ.
ඔහු ජූනි 11 වන දා Launceston Magistrates Court හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මෙම පුද්ගලයාට එරෙහිව දූෂණ චෝදනා 11 ක්, පහරදීම් චෝදනා 3 ක් සහ තවත් චෝදනා 2 ක් සම්බන්ධයෙන් නඩු පවරා තිබූ බවයි වාර්තා වුනේ.
රහස් පරීක්ෂකයින් විසින් Ashley Youth Detention Centre හි කාර්ය සාධක බලකායේ කරන ලද විමර්ශනයකින් පසුවයි 64 හැවිරිදි මෙම පුද්ගලයාට බරපතල ලිංගික අපරාධ සහ ළමා ලිංගික අපයෝජන චෝදනා එල්ල කෙරුනේ.

ඕනෑම ආකාරයක ලිංගික අපයෝජනයක් පිළිබඳ තොරතුරු ඇති ඕනෑම අයෙකුට කිසිදු බියකින් තොරව Crime Stoppers Tasmania හෝ පොලිසියට වාර්තා කරන ලෙසයි පොලිසිය දන්වා සිටින්නේ.