Search

ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ගැන ඔස්ට්‍රේලියාවට චෝදනා

දකුණු චීන මුහුදේ ඇමරිකාව සහ පිලිපීනය සමඟ තවත් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්දයෙන් චීන විදේශ අමාත්‍යාංශය ඕස්ට්‍රේලියාව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

ඔවුන් සදහන් කරන්නේ මෙම රටවල් තුනම කරදර ඇති කිරීමට උත්සාහ කරන බවයි.

The Royal Australian Navy’s destroyer HMAS Sydney නෞකාවද මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය එක් වුනා.

ඊට සමගාමීව  පිලිපීන නාවික හමුදා මිසයිල නෞකාවක් / ඇමරිකා සහ පිලිපීන ගුවන් යානා සමඟ එක්වී මෙම අභ්‍යාස පවත්වනු ලැබුවා.

පසුගිය මාස 18 තුළ චීන වෙරළාරක්ෂක භටයින් සහ පිලිපීනයේ යාත්‍රා අතර ගැටුම් උත්සන්න වී තිබුනා.

ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් මෙහිදී පිලිපීනය සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස වේගවත් කිරීමෙන් ඊට ප්‍රතිචාර දක්වා තිබූ බවයි මාද්‍ය වාර්තා කරන්නේ.

චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක  Lin Jian බීජිං වාර්තාකරුවන්ට පැවසුවේ අමරිකාව විසින් පිලිපීනය චීනයට එරෙහිව “ඉත්තෙකු” ලෙස භාවිතා කරන බවයි.

ඇමරිකාව සහ කලාපයෙන් පිටත අනෙකුත් රටවල් දකුණු චීන මුහුදේ කුඩා කණ්ඩායම් එකතු කරගෙන සහයෝගීතාවයේ නාමයෙන් ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කලා.

මේ අතර නිදහසේ නාමයෙන් හමුදා බලය යෙදවීම සහ සාමය ආරක්ෂා කිරීමේ නාමයෙන් කරදර ඇති  කිරීමද හෙලා දකින බවයි ඔහු සදහන් කලේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »