
වික්ටෝරියානු පාර්ලිමේන්තුව අසල ස්වේච්ඡා ගිනි නිවන නිලධාරීන් සහ වගාකරුවන් විරෝධතාවකට එක්වී තිබෙනවා.
වික්ටෝරියාවේ යෝජිත හදිසි සේවා බද්දට විරෝධය පළ කරමින් ඔවුන් පාර්ලිමේන්තුවේ පඩිපෙළ මත එක්රැස්වී ඇති බවයි වාර්තා වන්නේ.
වගාකරුවන් පවසන්නේ නව යෝජිත බද්ද ගෙවීම තමන්ට අපහසු බවයි.

වික්ටෝරියාවේ land rates වලට දැනටමත් අනුයුක්ත කර ඇති පවතින ගිනි නිවන සේවා බද්ද ප්‍රතිසංස්කරණය කර හදිසි සේවා බද්දක් හඳුන්වා දීමට ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටිනවා.
වගාකරුවන් පෙන්වා දෙන්නේ ඉන් තමන් ගෙවන මුදල ඩොලර් දස දහස් ගණනකින් වැඩි වනු ඇති බවයි.
