Search

විපක්ෂ නායක තනතුරට කාන්තා නියෝජනයක්?

මෙම වසරේ පැවති මහ මැතිවරණයේදී Peter Dutton හට තම ආසනය අහිමිවූ නිසා නව විපක්ශ නායකයෙකු තෝරාගැනීමට ඡන්ද විමසීමක් පවත්වන බව ලිබරල් පක්ෂ ප්‍රධානීන් අද තහවුරු කර සිටියා.

වසර තුනක කාලයක් Peter Dutton යටතේ නියෝජ්‍ය විපක්ෂ නායිකාව ලෙස කටයුතු කල Sussan Ley ලිබරල් පක්ෂයේ නව නායකත්වයට තරඟ කරන අතර විපක්ෂ නායකත්වය බාර ගැනීමට කැමති බව ප්‍රකාශ කර තිබෙන්වා.

ඡන්ද විමසීමෙන් ජයග්‍රහනය කලහොත් ඔස්ට්‍රේලියාවේ පළමු කාන්තා විපක්ෂ නායකවරිය වීමට ඇයට හැකියාව ලැබෙනවා.

බ්‍රිතාන්‍ය බුද්ධි නිළධාරියෙකුගේ දියණියක් වන Sussan Ley 2001 වසරේ පළමු වරට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, එතැන් සිට ඇය මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සදහා ඇය සමග තරග කිරීමට Greens පක්ෂ නායක Angus Taylor සහභාගී වන බව ලිබරල් පක්ෂය නිලවශයෙන් පවසා ඇති බවයි වාර්තා වන්නෙ.