
සංචිත බැංකුව සිය ඊළඟ මුදල් අනුපාත පියවරට තවත් දින 11 ක් තිබියදී fixed interest rates අඩු කිරීමට ANZ බැංකුවට සංචිත බැංකුව පූර්ව අනුමැතිය ලබාදී තිබෙනවා.
සංචිත බැංකුව විසින් ලබන 20 වනදායි පොලී අනුපාත කප්පාදුව සිදුකිරීමට අපේක්ෂා කර සිටියේ.
නමුත් ANZ අද සිය fixed interest rates දීමනාව සියයට 0.05 සිට 0.4 අතර අගයකින් පහත වැටී ඇති බවයි නිවේදනය කළේ.

ඒ අනුව අනෙක් ප්‍රධාන බැංකු හතරෙන්ම අඩුම වසරක සහ දෙකක ස්ථාවර අනුපාත ඇති බැංකුව ලෙස ANZ බැංකුව පත්ව තිබෙනවා.
2021 වසරෙන් පසු ප්‍රථම වතාවට උද්ධමනය මේ වනවිට පහළගොස් ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් මූල්‍ය වෙළඳපොළවල සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සංචිත බැංකුව එහි ඊළඟ රැස්වීමේදී Cash Rate අගය අඩුකරනු ඇති බවයි ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ.