Search

බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව flu vaccination ලබා ගැනීම අනිවාර්යයි – සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි

 

බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව flu vaccination ලබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.  

ජාතික නීරෝධායන පර්යේෂණ සහ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දත්ත අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට අඩු උණ එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතිනවා.

2025 මැයි 4 වන දිනට වයස අවුරුදු 5 සිට 15 දක්වා දරුවන්ගෙන් උණ එන්නත ලබාගෙන තිබූ ප්‍රතිශතය 1.8% ක් පමණයි.

ජූනි මස අවසානය තෙක් බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාවට නොමිලේ උණ එන්නත ලබා ගැනීමට දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමේ හැකියාව පවතිනවා.

influenza සහ RSV වලින් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබාගනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

Perth ළමා රෝහලේ ළමා වෛද්‍ය වෘත්තිකයෙකු වන මහාචාර්ය Chris Blyth පෙන්වා දෙන්නේ, උණ සමය ආරම්භ වීමට පෙර බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව එන්නත් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

 

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »