
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් IPL තරගයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග තරඟාවලියම අත්හිටුවීමට බලධාරීන් සූදානම් වනවා.
උග්‍රවන ඉන්දු-පකිස්තාන ගැටුම් නිසා ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියනු ක්‍රිකට් ක්‍රීඩකයින් නැවත ඕස්ට්‍රේලියාවට හෝ ඩුබායි වෙත පැමිණිය හැකි බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව තුළ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේදීත් තරඟ රැසක් අත්හිටුවා ඇති අතර ඉදිරි තරඟ පැවැත්වෙන ස්ථානය තවමත් තීරණය කර නැහැ.

විදුලිය ඇනහිටීමක් හේතුවෙන් Punjab Kings සහ Delhi Capitals අතර පැවති තරගයද කල්දමා තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා පවසා සිටියේ සෑම ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව හා සුවපහසුව පිළිබද සෑම වගකීමක්ම ඔවුන් සතුව ඇති බවයි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවැත්වීමට තීරණය කර තිබුනද තරග කාලසටහන් තවමත් තරවුරු කර නොමති බවයි කියා සිටියේ.
මේ අතර ක්‍රිකට් ලෝලියෙකු මාධ්‍යට පවසා ඇත්තේ ‘ආරක්ෂක හේතූන් මත තරගය අත්හිටුවා ඇති නමුත් බිය වියයුත්තේ ඔවුන් නොව පකිස්ථානය බවයි’