
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරු ඔයට කඩාවැටී තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩාවැටී ඇත්තේ.
විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.

අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර අතර ඔවුන් සියලුදෙනා රෝහල් ගත කර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් සහ හමුදා විශේෂ බළකායේ භටයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
