Search

$ ලක්ෂ ගණනක Superannuation මුදල් සොරකම්කළ වංචාකරුවෙකු සිඩ්නිහිදී අත්අඩංගුවට

ඩොලර් 160,000 ක මුදලක් Superannuation අරමුදලෙන් වංචාකළ සිඩ්නි නගරයේ පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මස සිය සුපර් අරමුදලට අන්තර් ජාලය ඔස්සේ ප්‍රවේශ වී මුදල් වංචා කළ බවට පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලිවලින් අනතුරුවයි පොලීසිය විමර්ශනයක් සිදුකර ඇත්තේ.

පසුව ඊයේ පොලීසිය කළ සෝදිසි මෙහෙයුමකදී Rouse Hill හි නිවසක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

40 හැවිරිදි සැකකරු රැවටීමෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙනවා.

ඔහුට කොන්දේසි සහිත ඇප ලබා දී ඇති අතර ලබන ජුනි 16 වන දින Blacktown ප්‍රාදේශීය අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »