
මෙල්බන්හි Murrumbeena දුම්රිය ස්ථානය අසල පදික මාරුවකදී දරුවෙකු අනතුරට ලක්කර පළාගිය රියදුරු සෙවීමට පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
මැයි පළමු වනදා 11 හැවිරිදි මෙම දරුවා පාසලේ සිට නිවසට බයිසිකලයෙන් එන අතරතුරයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
සුහස් සන්කිසල නම් දරුවා පවසන්නේ මන්දගාමීව පැමිණි රථය නිසා පදික මාරුවෙන් ගමන් කර නමුත් මෝටර් රථය එක්වරම හිතාමතා වේගය වැඩිකර තමන් අනතුරට ලක්කළ බවයි.

පසුව මෝටර් රථය වේගයෙන් පළාගොස් ඇති අතර දරුවා රෝහලට රැගෙන ගොස් ඇත්තේ රාජකාරී නිමකර යමින් සිටි හෙදනිළධාරිනියක් විසින්.
පාදයේ සහ මුහුණේ දරුණු තුවාල ලැබූ සුහස් රෝයල් රෝහලේ දින 6 ක් ගතකර ඇති අතර පාදයේ කුඩා සැත්කමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මාස හය තුළ සුහස්ට එක්තැන්ව සිටීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබෙනවා.
සැකකරු Silver Toyota Yaris hatchback රථයකින් අනතුර ලක්කර ඇති අතර අනතුරෙන් driver-side mirror එක කැඩී ඇති බවයි වික්ටෝරියා පොලීසිය සැකපළකරන්නේ.
සැකකරු පිළිබඳ තොරතුරක් ඇත්නම් වහාම දන්වන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.