
උතුරු වික්ටෝරියාවේදී පහරදීමේ චෝදනාවකට ලක්ව සිටි ගැහැනු ළමුන් දෙදෙනෙකු එරෙහිව පැවති නඩුව අවලංගු කිරීමට විනිසුරුවරුයා තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ වයස අවුරුදු 12 ක් සහ 13 ක් වූ ගැහැනු ළමුන් දෙදෙනෙකු තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකුට පහරදී ඇති බවයි පොලීසිය චෝදනා කරන්නේ.
පහර දුන් දැරියන් දෙදෙනාගේ නීතිඥයින් අධිකරණයට පවසා සිටියේ දැරියන් දෙදෙනා සිදුකල ක්‍රියාවන්හි බරපතලකම ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි වූ බවත්,ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ නීති පිළිබදව දැනුමක් නොතිබූ බවයි.

Mildura Deakin මාවතේ සිටි ගැහැණු ළමයින් තිදෙනෙකුගෙන් Electronic Cigarette එකක් ඉල්ලා සිටි අවස්ථාවේ දී සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම පහර දීමට මූලික වී ඇති බවයි වාර්තා වන්නේ.
එක් දැරියක් බිම දිගේ ගොස් 15 වතාවක් මුහුණට පහර දි ඇති අතර අනික් දැරියව බිම දමා කකුලෙන් පහර දී තිබෙනවා

මෙම සිදුවීම පහර දුන් වැඩිමල් දැරියගේ මිතුරෙකු විසින් දුරකථනයේ පටිගත කර ඇති බවයි අධිකරණයට දැනුම් දී තිබුණේ.
පහර දුන් වැඩිමහල් දැරියට නොසැලකිලිමත් ලෙස තුවාල සිදු කිරීම යන චෝදනා එල්ල වූ අතර අනෙක් දැරියට තර්ජනය කිරීම යන චෝදනා එල්ල වී තිබූ අතර නඩු විභාගය අවසානයේ ගැහැණු ළමයින් දෙදෙනාට එරෙහි සියලු චෝදනා වලින් නිදහස්කර තිබෙනවා.
වින්දිතයින් හෝ ඔවුන්ගේ පවුල්වල කිසිවෙකු නඩු විභාගයට සහභාගී නොමැති බවයි වර්තා වන්නේ.
මෙම සිදුවීම මුල්කර ගනිමින් වික්ටෝරියා නීති ආධාර කණ්ඩායම් ඇතුලු තවත් කණ්ඩායම් අපරාධයකට වගකිව යුතු වයස් සීමාව අවුරුදු 10 සිට 14 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.