Search

Sex Toy එක සමග MRI පරීක්ෂණය කළ කාන්තාවට බරපතලයි

ගුද මාර්ගයට ඇතුළු කර ඇති sex toy එකක් හේතුවෙන් MRI ස්කෑන් පරීක්ෂණයකදී කාන්තාවකට දරුණු අභ්‍යන්තර තුවාල සිදුව තිබෙනවා.

සාමාන්‍යයෙන් MRI ස්කෑන් පරීක්ෂණයක් අතරතුර රෝගියා පැළඳ සිටින සියලු ලෝහ භාණ්ඩ ඇතුළු උපාංගයන් ඉවත් කිරීමට උපදෙස් ලබාදෙනවා.

මෙහිදී MRI ස්කෑන් යන්ත්‍රයේ ඇති powerful magnet මගින් sex toy එකේ ලෝහ කොටස් ප්‍රතික්‍රියා කිරීමෙන් රෝගියාගේ ශරීර අභ්‍යන්තරයේ බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රතිඵලය වූයේ රෝගියාගේ ශරීරය අභ්‍යන්තරය හරහා එම  sex toy එක ඇදගෙන යාමෙන් අවයව හා පටකවලට හානි සිදුවීමයි.

sex toy එක සිලිකන්වලින් සාදන ලද්දක් බවට නිෂ්පාදනයේ අන්තර්ගත වුවද සෞඛ්‍ය වෘත්තිකයින් පවසන්නේ ස්කෑන් පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර රෝගියා ඇය තුළ එවැන්නක් ඇති බව හෙළි නොකළ බවයි.

විශේෂඥයින් කියාසිටින්නේ මෙවැනි අභ්‍යන්තර වස්තූන් ශරීරය තුළ ගමන් කිරීමෙන් ප්‍රධාන රුධිර නාල, ස්නායු හෝ අවයවවලට හානිවීමෙන් බරපතල තුවාල සිදුවිය හැකි අතර මරණයට පවා ලක්විය හැකි බවයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »