Search

අමරිකාවෙන් පත්වූ නව පාප් වහන්සේ

කතෝලික සභාවේ අභිනව නායකත්වය වන ශුද්ධෝත්තම පාප් වහන්සේ තෝරා පත් කර ගන්නා ලද බව වතිකානුව දැන් නිවේදනය කර තිබෙනවා.

267 වැනි පාප් වහන්සේ වශයෙන් අදි දින පත්වූයේ එක්සත් ජනපදයේ Robert Prevost කාදිනල් වරයායි.

මෙතැන් පටන් උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ Leo XIV. පාප් වහන්සේ නමින්.

සුදු දුමාරයෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ නම සහ එතුමන් තෝරාපත් කර ගත් නාමය හෙළිකිරීමෙන් අනතුරුව නව පාප්වහන්සේ සඳළුතලයට පැමිණ රෝම නගරයට සහ මුළු ලෝකයටම සිය පළමු අපෝස්තලික ආශිර්වාදය ලබාදුන්නා.

Leo XIV. හිමිපාණන් පාප් පදවියක් ලැබූ පළමු අමරිකානුවා වනු ඇති.

සිස්ටයින් චැපල් හි චිමිනියෙන් සුදු දුමාරය දිස්වීමෙන් කාදිනල්වරුන් සමුළුවේ දෙවන හා අවසාන දිනයේදී නව පාප්වරයෙකු තෝරා ගෙන ඇති බව පෙන්නුම් කෙරුණා.

ජනතාව ශාන්ත පීතර් චතුරස්‍රෙය් පිටත සිට ප්‍රීති ඝෝෂා නගන ආකාරයයි දක්නට ලැබෙන්නේ.

විවිධ රටවල් 70 කින් පැවත එන කාදිනල් හිමිවරුන් 133 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පසුගිය මාසයේ ෆ්රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු 267 වන පූජකවරයා තෝරා පත් කර ගැනීම සඳහා සියවස් ගණනාවක් පැරණි චාරිත්‍රය සඳහා වතිකානුවට රැස් වුණා.

වතිකානයේ සිස්ටීන් දේවස්ථානයට රැස්වූ කාදිනල් වරුන් 133 දෙනකු නව පාප් වහන්සේ තෝරා ගැනීමට දෙදිනක් තිස්සේ ඡන්දය භාවිත කරනු ලබනවා.

කතෝලික සභාවේ අභිනව නායකත්වයේ සංඥාව වන සුදු දුමාරය නැගෙනතුරු රටවල් රැසක විශාල ජනකායක් අද වතිකානුවේ රැස්ව සිටියා.

 

 

 

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා. ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි. මෙය

Read More »