
ස්ත්‍රී විරෝධී ප්‍රකාශ එල්ල කිරීමෙන් කෝපයට පත්ව සිය මිතුරෙකුට ඉන්ධන වත්කර ගිනි තැබූ තරුණියක් සම්බන්ධ නඩුව නිව් සවුත්වේල්ස් අධිකරණයකදී කැඳවා තිබෙනවා.
24 හැවිරිදි Corbie Jean නම් මෙම තරුණිය ඇගේ මිතුරන් කීහිපදෙනෙකු සමග පසුගිය වසරේ ජනවාරි මස සාදයක් පවත්වමින් සිටඇති අතර එහිදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම මීට හේතුවයි.
ඇය මානසික පීඩනයකින් පෙලෙන බවත් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී සිටි අයෙකු බවත් හෙළිවී තිබෙනවා.

ඇය අද අධිකරණයේදී පවසා ඇත්තේ සිය ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සම්බන්ධයෙන් තමන් පසුතැවෙන අතර තුවාල ලැබූ වින්දිත තරුණයාට සහ ඔහුගේ ආදරණීයන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.
තුවාල ලැබූ Loader නම් මෙම තරුණයා රෝහලේ දින 74 ක් ප්‍රතිකාර ලබා ඇති අතර සැත්කම් 10 කට පමණ භාජනය වී ඇති බව සඳහන්.

එමෙන්ම Loader ගේ සිරුරෙන් සියයට 55 ක් පමණ පිළිස්සී ඇති අතර, දින අටක් කෝමා තත්වයකද පසුව තිබෙනවා.
Loader ට තවදුරටත් ඔහුගේ සම හිරු එළියට නිරාවරණය කළ නොහැකි අතර, ඔහුගේ පවුල දැඩි මුදල් අර්බුදයකට ලක්ව ඇති බව සඳහන්.
මේ අතර කරුණු සලකා බැලීමෙන් පසු අවසන් නඩු තීන්දුව මෙම මස අවසානයේ ලබාදීමටයි Albury දිසා අධිකරණය අද තීරණය කර ඇත්තේ.