Search

චෝදනා නිසා Macquarie බැංකුවට දැඩි කොන්දේසි

ඔස්ටේලියවේ විශාලතම බැංකු වලින් එකක් වන Macquarie Bank වෙත ඔස්ටේලියානු ගනුදෙනු සහ ආයෝජන කොමිසම විසින් අලුත් නීති පනවා තිබෙනවා.

වසර 10 කට වැඩි කාලයක සිට ගනුදෙනු නිවැරදිව සටහන් නොකිරීම සහ නීතිවිරෝධී ගනුදෙනු සිදුකිරීම සම්බන්ධයෙනුයි මෙම නව නීති පැනවීමට පියවර ගෙන ඇත්තේ.

ගනුදෙනු වල වැරදි 9 ක් කොමිසම විසින් සොයාගෙන ඇති අතර ඉන් 7 ක්,  OTC derivative ගනුදෙනු වූ අතර තවත් 2 ක් futures dealings ගනුදෙනු සම්බන්ධ ගැටළු ලෙසයි වාර්තා වන්නේ.

Macquarie බැංකුව කිහිප වතාවක් ම මෙවැනි වැරදි සිදුකිරීම නිසා එහි බලපත්‍රය සම්බන්ධව දැඩි කොන්දේසි වලට මුහුණ දුන්නා.

මෙවර මෙම නීති සදහා සහයෝගය දක්වන බවයි Macquarie බැංකුව ඔස්ටේලියානු ගනුදෙනු සහ ආයෝජන කොමිසම වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »