
ඔස්ට්‍රේලියාවේ Electric Vehicle කෙරෙහි පාරිභෝගිකයන්ගේ උනන්දුව අඩුවී ඇති බවට වාර්තා පළවනවා.
Great Aussie Debate නමැති සමීක්ෂණයකින් හෙළිවුණු නවතම දත්තවලින් එය අනාවරණය වී තිබෙනවා.
වසරකට පෙර 18.9%ක් වූ Electric Vehicle මිලදී ගැනීමට කැමැත්ත පළ කළ සංඛ්‍යාව මේ වනවිට 14.9% දක්වා පහත වැටී තිබෙනවා.

ඊට අකමැත්ත පළකළ සංඛ්‍යාව 53.8% සිට 62.1% දක්වා වැඩිවී ඇති බවයි දත්තවලින් පෙන්වා දී ඇත්තේ.
ජනතාව මුහුණදෙමින් සිටින ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසා මිල අධික Electric Vehicle සඳහා මුදල් වෙන් කිරීම දුෂ්කර වීම මෙම වෙනසට එක් හේතුවක් වී තිබෙනවා.

මිල අධික වාහන නිශ්පාදනය කරන ටෙස්ලා වැනි සමාගම් වඩාත් ලාභදායී Electric Vehicle නිශ්පාදනය කරන චීන සමාගම් අතර තරගයකට මුහුණදී ඇති අතර ඉන් පාරිභෝගිකයන් තවදුරටත් අපහසුතාවට පත්ව ඇති බවද මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.