Search

Green පක්ෂ නායක Adam Bandt පක්ෂ නායකත්වෙයන් ඉවත්වෙයි

 

ඔස්ට්‍රේලියාවේ Green පක්ෂයේ නායක Adam Bandt පක්ෂ නායකත්වෙයන් ඉවත්වී තිබෙනවා.

මෙල්බන් ආසනයේදී ලේබර් පක්ෂයේ Sarah Witty ට පරාජය වීමෙන් පසු තම 15 වසරක පාර්ලිමේන්තු ජීවිතය අවසන් කරමින්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව ඔහු නිල වශයෙන් ප්‍රකාශ කළා.

Adam Bandt ගේ මූලික ඡන්ද ප්‍රතිශතය 4.4%කින් අඩු වීම සහ One Nation සහ ලිබරල් පක්ෂයේ සාමාජිකයන් ලේබර් පක්ෂයට යාම මෙම පරාජයට හේතු වී තිබෙනවා.

Adam Bandt, Green පක්ෂය වෙනුවෙන් 2010 වසරේදී මෙල්බන් ආසනය දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පත්වූ පළමු සාමාජිකයා බවට පත්වුනා.  2020 වසරේදී පක්ෂ නායකත්වය භාරගත් ඔහු, පාර්ලිමේන්තුවේදී පක්ෂය සඳහා විශාල බලපෑමක් ඇති කළා.

මේ අතර නව නායකයෙකු තෝරා ගැනීම සඳහා Green පක්ෂය සූදානම් වන බව වාර්තා වනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »