Search

ඔස්ට්‍රේලියාවේ Botanic Gardens දෙකක් ලොව හොදම ස්ථාන ලැයිස්තුවට

New York Times පුවත්පතට අනුව, Royal Botanic Gardens Cranbourne  සහ Sydney’s Royal Botanic Garden ලොව හොඳම ස්ථාන 25 අතරට නම් කර තිබෙනවා.

උද්‍යාන විශේෂඥයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනුයි මෙම තෝරාගැනීම් සිදු කර ඇත්තේ.

2012 දී විවෘත කරන ලද Cranbourne හි සම්මානලාභී උද්‍යානය, හෙක්ටයාර 300 ක native bushland, walking tracks, cycling tracks සහ lookout tower වලින් වටවී තිබෙනවා.

පඳුරු බිම් සිය ගණනක් දේශීය ශාක විශේෂ වලින් සමන්විත වන අතර කැන්ගරුවන් සහ කෝලා ඇතුළු සත්ව විශේෂ 215 කට වඩා මෙම ප්‍රදේශයේ වාසය කරනු ලබනවා.

උද්‍යාන විද්‍යා විශේෂඥයින් දෙදෙනෙකු වන Tim Richardson සහ Deborah Needleman පැවසුවේ මෙම උද්‍යානය සත්වෝද්‍යානයක් මෙන් වන බවයි.

නගරය මැද පිහිටා ඇති සිඩ්නි රාජකීය උද්භිද උද්‍යානය, වරාය පාලම සහ ඔපෙරා හවුස් හි දර්ශන නරඹන්නන්ට ඉතා ආකර්ශණීය වන අතර ශාක වර්ග 28,000 ක් පමණ මෙහි තිබෙන බවද විශේෂඥයින් පෙන්වා දෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »