
නව පාප්වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද යලිත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනය වූ ඊයේ නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වු බවයි වතිකානය ඊයේ නිවේදනය කලේ.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා කාදිනල්හිමිවරු ඡන්ද විමසීමේ කටයුතු වලට සහභාගී වුනා.

එහෙත් අවශ්‍ය ඡන්ද 89 කාදිනල්හිමිවරයකු ලබාගෙන නොතිබීම නිසා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වුනා.
නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බව එමඟින් සංකේතවත් කෙරුනා.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු එම ධුරය සදහා සිදු කෙරෙන තෝරා ගැනීමේදී ලොව පුරා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.