
මෙල්බන් දුම්රිය ජාලයන් හි පීලි හරහා ගමන් කරන තරුණයින්ගේ අනතුරු පසුගිය වසරේ තවත් ඉහළ ගොස් තිබෙනවා.
Metro පවසන්නේ යෞවනයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පීලි හරහා ගමන් කරන බවයි.
දුම්රිය පීලි හරහා ගමන් කරන්නන්ගේ දර්ශන මේ වනවිට සුලබ වී ඇති බව දුම්රිය ධාවකයෙකු කියාසිටියා.

Metro වාර්තාවලට අනුව 2023 වසරේ පීලි හරහා ගමන් කරන්නන් 445 ක් වාර්තා වන අතර එය පසුගිය වසරේ 624 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එනම් මාස 12 ක් තුළ සියයට 40 ක වැඩිවීමක්.

2023 වසරේදී වයස අවුරුදු 18 ට අඩු තරුණයින් 52 ක් ඒ අතර වන බව Metro වාර්තාවේ සඳහන්.
එය 2024 වසරේ 82 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිශතයක් වශයෙන් සියයට 57 ක්.
දුම්රිය ජාලය ක්‍රීඩා පිටියක් නොවන අතර කෙටි මාර්ගයක් සඳහා ජීවිතය පරදුවට තැබීම කිසිසේත් නොකළ යුතු බවයි මෙල්බන් දුම්රිය බලධාරීන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.