Search

රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගනියි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා හදිසියේ ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

දක්ෂ පිතිකරුවෙකු වන රෝහිත් ෂර්මා සිය ඉන්ස්ටර්ග්‍රෑම් හි සහනක් තබමින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු තවදුරටත් එක්දින තරඟ සඳහා පමණක් ක්‍රීඩාකරනු ඇති.

රෝහිත් ෂර්මා 2024 විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු විස්සයි 20 තරගවලින් සමුගත්තා.

රෝහිත් ෂර්මා 2024-25 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති බෝඩර් ගවස්කාර් කුසලාන තරගාවලියේ දී දැක්වූ දුර්වල දස්කම් හමුවේ වෘත්තිමය ගැටලුවලටද මුහුණ දී තිබෙනවා.

ටෙස්ට් තරග 67කදී ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් සමගින් ලකුණු 4301ක් රැස්කළ 38 හැවිරිදි ඔහු සිය ක්‍රිකට් දිවියේ දෙවැනි භාගයේදී ඉන්දීය ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු බවට පත්වුණා.

“Hello everyone I would just like to share that I am retiring from Test cricket. It’s been an absolute honor to represent my country in whites. Thank you for all the love and support over the years. I will continue to represent India in the ODI format,” wrote Rohit on his Instagram Story.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »