
පසුගිය අප්‍රේල් මාසය වික්ටෝරියාවේ උණුසුම් ම අප්‍රේල් මාසය බව කාලගුණ විද්‍යා කාර්යංශය නිකුත්කළ නවතම දත්තවලින් හෙළිවනවා.
1910 වසරේ සිට අප්‍රේල් මාසවල කාලගුණය මෙතරම් ඉහළ මට්ටමක නොතිබූ බවයි වාර්තා වන්නේ.
අප්‍රේල් මාසවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා පසුගිය මාසයේ සෙල්සියස් අංශක 2.37 කින් වැඩිවී ඇති බව නව දත්තවල සඳහන්.

මෙල්බන්හි පසුගිය මාසයේ උණුසුම අඛන්ඩව සෙල්සියස් අංශක 2.9 ක වැඩිවීමක් අත්විඳ තිබෙනවා.
එය ඔස්ට්‍රේලියාවේ දෙවන ඉහළම උෂ්ණත්ව වැඩිවීමක් සහිත අගනගරය ලෙසයි වාර්තා වී ඇත්තේ.

එය මෙල්බන් නගරයෙන් වාර්තා වූ දෙවන උණුසුම් ම අප්‍රේල් මාසය බවට පත්ව තිබෙනවා.
වික්ටෝරියාවේ දකුණු අර්ධය පුරා වර්ෂාපතන සැලකිය යුතු අවම මට්ටමක් පැවතුණූ බවද කාලගුණ විද්‍යා කාර්යංශය කියාසිටියා.
මේ අතර සෑම ප්‍රාන්තයකම පසුගිය අප්‍රේල් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දක්නට ලැබුණු බවද ඔවුන් සඳහන් කළා.
එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස 3 වෙනදාට සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයක් හා වියළි තත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පළකරන්නේ.