Search

පැය 15 ක shifts එක නිසා රැකියාව එපාවුනු ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් පිරිසක්

අධික කාර්යබහුල බව හමුවේ වෛද්‍යවරුන්ට දරාගත නොහැකි පීඩන තත්වයකට මුහුණ දීමට සිදුව ඇති  බව නිව් සවුත් වේල්ස් හදිසි ප්‍රතිකාර අංශයේ කනිෂ්ඨ වෛද්‍යවරයෙකු පවසනවා.

ෆහාඩ් ඛාන් නම් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දිගු පැය ගණනක් high stress and pressure සහිතව වැඩ කිරීම මෙම තත්වයට හේතු වන බවයි.

ඔහුගේ පළමු වසරේ සති කිහිපය තුළ පැය 15 ක shifts කිහිපයක් අඛණ්ඩව වැඩ කිරීමෙන් පසු, නිවසට යන අතරතුර තමාට වාහනයේ නින්ද යාමට ද පැමිණි බව ඔහු පෙන්වා දෙනවා.

පසුගිය මාස දෙකක කාලය තුළ නිව් සවුත් වේල්ස් වෛද්‍යවරු වීදි බැස තම සේවා කොන්දේසි වලට විරෝදය පල කරනු ලැබුවා.

කාර්ය මණ්ඩල හිඟය හමුවේ අධික පැය ගණන් සේවය කලද තමන් බෙහෙවින් අඩු වැටුප් ලබන බවද ඔවුන් එහිදී අවදාරනය කලා.

ඔවුන්ගේ මෙම ගැටලුව නිව් සවුත් වේල්ස් රජය සමඟ අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති අතර, කිසිදු විසඳුමක් නොපෙනෙන බව Australian Salaried Medical Officers Federation (ASMOF) පවසනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »