
අලුත උපන් කුඩා දරුවකු මරා දැමූ පියකුට වසර 20 ක සිර දඩුවමක් ඔස්ට්‍රේලියා අධිකරණයකින් නියම කර තිබෙනවා.
Ashley McGrego නම් මෙම පුද්ගලයා විසින් මරා දමා තිබුනේ Alvin නම් වූ සති තුනක් වයස තම දරුවායි.
දරුවාගේ මව නිවසින් පිටව ගිය අවස්තාවේදී දරුවාට විවිද හිරිහැර සිදු කර පිටතට විසිකර දැමීමෙනුයි ඔහු දරුවා මරා දමා තිබුනේ.

මෙලෙස මරා දැමූ දරුවා කිසිදු ප්‍රතිචාර නොදක්වන බව පවසමින් දෙමාපියන් 2021 අප්‍රේල් 23 වනදා Noarlunga රෝහලට ඇතුලත් කර තිබුනා.
නඩුව විභාගයට ගත් Adelaide දිස්ත්‍රික් අධිකරණය හමුවේ පොලීසිය අනාවරන කලේ Alvin බිලිදාට සිදුවූ තුවාල මෝටර් රත අනතුරකින් සිදු වූ තුවාල මෙන් බරපතල බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Ashley McGrego ට වසර 20 ක සිර දඩුවම් නියම කෙරුනා.
පොලිසිය සමඟ McGrego කියා සිටියේ තමා අහම්බෙන් ළදරුවාගේ Bassinet එක පෙරළා දැමූ අතර දරුවා රෝහලට ගෙන නොයෑමට තීරණය කළ බවයි.
අවශ්‍ය වේලාවේදී දරුවාට ප්‍රතිකාර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මවටද වසර හතරහමාරක සිර දඬුවමක් නියම වුනා.