Search

ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

2025 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 න් බහුතරය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණා.

ඒ ඡන්ද සියයට 43.26ක ප්‍රතිශතයක් සමග ආසන 3926 ක් දිනා ගනිමින්.

සමගි ජන බලවේගය ඡන්ද සියයට 21.69 කින් හිමිකර ගත් ආසන සංඛ්‍යාව 1767 ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 9.17% ලබාගනිමින් ආසන 742 ක් දිනාගත්තා.

4.69% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 381 ක්.

පොදුජන සන්ධානය 3.73% ක් ලබාගනිම්න් ආසන දිනාගෙන ඇත්තේ 300 ක් පමණයි.

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවුවද ඇතැම් පළාත්වල සභාවක් පිහිටුවීමේදී අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »