
ශ්‍රී ලංකාවේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන් පසුවනවා.
මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටිනවා.
එහෙත් සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.
තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙනවා.

කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි.
මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති බවටයි වාර්තා පෙන්වා දෙන්නේ.
පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
එහෙත් එසේ බලයක් නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කරගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින්ගේ එකඟතාවයෙන් සිදුකරන බව සඳහන්.