
ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ඉල්ලාසිටින්නන්ට Work Bonus යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා.
ඒ අනුව ඩොලර් 4000 ක එක්වර මුදලක් ඔවුන්ට ලබාගත හැකි වනවා.
Work Bonus හිමි වනුයේ Centrelink ගෙවීම් අඩු නොකර වැඩකිරීමෙන් ආදායම් උපයාගත හැකි වයස්ගත ඔස්ට්‍රේලියානුවන් සඳහායි.

වයස අවුරුදු 67 ට වැඩි සහ විශ්‍රාම වැටුප් ලබාගන්නන්, ආබාධිත ආධාරලබාගන්නන් හෝ රැකබලා ගැනීම් වෙනුවෙන් ලැබෙන ආධාරකරුවන් මේ සඳහා සුදුසුකම් ලබනු ඇති.
රැකියාවෙන් සති දෙකකදී Work Bonus ලෙස ඩොලර් 300 ක් ලබාදීම මෙහිදී සිදුවන බවයි සෙන්ටර්ලින්ක් පවසන්නේ.

මෙම ශේෂය ඩොලර් 11,800 ක උපරිමයකට ළඟා වන තෙක් වර්ධනය විය හැකියි.