Search

Refugee Visa වැඩිවීම නිසා එංගලන්තය ශ්‍රී ලංකාවට වීසා දීම සීමා කිරීමයි

එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලාසිටින රටවල් කිහිපයක වීසා අයදුම්පත් සීමා කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සැලසුම්වලට අනුව පකිස්තානය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල මෙම නීතිය පනවනු ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා එක්සත් රාජධානියේ වැඩකිරීමට හෝ ඉගෙනීමට පැමිණීමට ඉදිරියේදී වඩාත් අපහසු වනු ඇති.

රැකියාවට හෝ අධ්‍යාපන වීසා මත නීත්‍යානුකූලව එක්සත් රාජධානියට පැමිණ පසුව සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීම විශාල ගැටළුවක් වී ඇති බවයි එක්සත් රාජධානියේ අමාත්‍යවරුන් පවසන්නේ.

කෙසේවෙතත් මෙම සීමා කිරීම් සිදුකිරීමට නියමිත රටවල් පිළිබඳ නිශ්චිතව දැනුම් දීමක් මෙතෙක් සිදුකර නොමැති බවද ටයිම්ස් පුවත්පත සඳහන් කළා.

නවතම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලින් පෙනීයන්නේ පසුගිය වසරේ එක්සත් රාජධානියේ 108,000 කට වැඩි පිරිසක් සරණාගතභාවය ඉල්ලා සිට ඇති බවයි.

එය 1979 වසරෙන් පසුව වාර්තා වූ ඉහළ ම අගය වනු ඇති.

සමස්තයක් වශයෙන් පකිස්ථාන ජාතිකයින් 10,542 ක්, ශ්‍රී ලාංකිකයින් 2,862 ක් සහ නයිජීරියානු ජාතිකයින් 2,841 සරණාගතභාවය ඉල්ලා තිබෙනවා.

 

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »