
කල් ඉකුත් වීමේ දිනයට ආසන්න භාණ්ඩ මිලදී ගැනීමෙන් ඔස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර් 315 ක් ඉතිරි කර ගන්නා බවට වාර්තා වනවා.
ඒ සදහා සුපිරි වෙළඳසැල් ඩොලර් බිලියන 5.3 ක් වැය කරනු ලබනවා.
ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් මුදල් ඉතිරි කර ගැනීම සඳහා කල් ඉකුත් වීමේ දිනයට ආසන්න ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා බව ING පර්යේෂණවලින් හෙලිවී තිබෙනවා.

ING consumer and market insights Matt Bowen ( මැට් බොවන්) පැවසුවේ මෙය ඕස්ට්‍රේලියානුවන්ට මුදල් ඉතිරි කර ගැනීමට උපකාරී වූවා පමණක් නොව, ආහාර නාස්තිය අඩු කිරීමට ද උපකාරී වූ බවයි.
ඕස්ට්‍රේලියානුවන් නැවුම් මස්, කුකුළු මස් සහ මුහුදු ආහාර, බේකරි නිෂ්පාදන සහ නැවුම් නිෂ්පාදන හරහා මෙලෙස මුදල් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි . Matt Bowen පෙන්වා දෙන්නේ.

විකිණීමට ඇති භාණ්ඩ මිලදී ගැනීමට අමතරව, ඕස්ට්‍රේලියානුවන්ට සති මැද වෙලදපොලට යන හදිසි සංචාර අතහැර දැමීමෙන් වාර්ෂිකව අමතර ඩොලර් 1159 ක් ඉතිරි කර ගත හැකි බවද සමීක්ශණයෙන් පෙන්වා දෙනවා.