Search

වතිකානුවේ Mobile Phone Signals අක්‍රිය වේ

මීළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත සමුළුව අද සිදු වනවා. ඊට පෙර වතිකානුවේ සියලුම ජංගම දුරකථන සංඥා අක්‍රිය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පසු කාදිනල්වරුන් 133 දෙනෙකු පාප්තුමාගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ලබනවා.

සම්මේලනය ආරම්භ කිරීම සඳහා කාදිනල්වරුන් සිස්ටයින් දේවස්ථානයට යාමට පැය එකහමාරකට පෙර දුරකථන සංඥා අක්‍රිය කෙරුනා.

කාදිනල්වරුන්ට අඟහරුවාදා ඔවුන්ගේ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපාංග අත්හැරීමට සිදුවනු ඇති අතර, සම්මේලනය අවසන් වූ පසු ඔවුන්ට ඔවුන්ගේ උපාංග නැවත ලැබෙනවා.

කාදිනල්වරු සිස්ටයින් දේවස්ථානයේ රැඳී සිටින අතර බදාදා සිට ඔවුන් බාහිර ලෝකයෙන් වෙන් කරනු ලබනවා.

සම්මේලනයට සහභාගී වන සියලුම කාර්දිනල්වරු සම්පූර්ණයෙන්ම හුදකලා වී සිටින අතර සදාකාලික රහස්‍යභාවය ආරක්ශා කිරීම වෙනුවෙන් ඔවුන් එහිදී දිවුරුම් දෙනු ලබනවා. මේ වන විට ශාන්ත පීතර චතුරශ්‍රය පුරා ආරක්ෂාව වැඩි කර තිබෙනවා.

සමුළුව අතරතුර, සිස්ටයින් දේවස්ථානය සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම අගුලු දමා තිබෙන බවයි වතිකානය නිවේදනය කලේ

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »