Search

වික්ටෝරියා ප්‍රාන්තයේ corellas පක්ෂීන් සිය ගණනක් මිය යයි

 

 වික්ටෝරියා ප්‍රාන්තයේ Horsham නගරයෙන් මියගිය corellas පක්ෂීන් සිය ගණනක් සොයාගෙනන තිබෙනවා.

විෂ ශරීරගතවීමෙන් පක්ෂීන් මියගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

පසුගිය සදුදා, Wimmera ගඟට ආසන්නව මියගිය පක්ෂීන් 50ක් පමණ සොයා ගැණුනා.

එහෙත් මේ වන විට එම සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා.

Horsham ග්‍රාමිය නගර සභාවේ කණ්ඩායම්, පක්ෂීන්ගේ සිරුරු ඉවත් කරමින් සිටිනවා.

වික්ටෝරියා සංරක්ෂණ නියාමක අංශය මේ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අනුමාන විෂ සහිත දානු (grains) කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »