Search

koala සතුන් වෙඩි තබා මරා දැමීම පිළිබද විමර්ශන කරන්නැයි වික්ටෝරියානු රජයට දැඩි ඉල්ලීම්

 

වික්ටෝරියානු ජාතික උද්‍යානයක koala සතුන් වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය පිළිබද විමර්ශනයක් සිදු කරන ලෙස බලවත් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

Budj Bim ජාතික උද්‍යානයේ ඇති වු ගින්නකින් පසු koala සතුන් 860ක් පමණ helicopter යක සිට ඩෙවි තැබීමකින් මරා දැමුණා. ‍

වික්ටෝරියානු රජය පවසන්නේ වෙදනාව අඩු කිරීම සඳහා එම පියවර ගත් බවයි.

එහෙත් වනාන්තර විශේෂඥයින්, සත්ත්ව ආරක්ෂක සංවිධාන සහ මහජනතාව මේ පිළිබද ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස දැඩිව ඉල්ලා සිටිනවා.

විකටෝරියානු බලධාරීන් පවසන්නේ මෙය සත්ත්වයන්ගේ වෙදනාව වැළැක්වීම සඳහා මනුෂ්‍යත්වයෙන් සිදුකළ ක්‍රියාවක් බවයි.

නමුත් Wildlife Rescue Sunshine Coast සංවිධානය පෙන්වා දෙන්නේ හෙලිකොප්ටරයක සිට සත්ත්වයෙකුගේ සෞඛ්‍යය නිවැරදිව පරික්ෂා කිරීමට නොහැකි බවයි ‍‍

එසේ වෙඩි තැබීමෙන් බොහෝ සත්ත්වයන් දැඩි වේදනාවකින් මියයාමට හැකි බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ක්‍රියාව අනාගතයේදී ද බහුතර සත්ත්ව ඛෙදජනක අවස්ථාවලට සාමාන්‍ය පිළියමක් වීමේ අවදානමක් පවතින බව ද සංවිධානය පෙන්වා දෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »