
පර්ත් සිට ලන්ඩන් බලා ධාවනය වූ Qantas ගුවන් යානයක් හදිසි තත්වයක් හේතුවෙන් මාලදිවයිනේ අනපේක්ෂිත ලෙස නතර කර තිබෙනවා.
ඊයේ සවස 6.35 පර්ත් ගුවන් තොටුපළෙන් පිටත් වූ QF9 ගුවන් යානය පැය අටක පමණ කාලයක් පියාසර කිරීමෙන් පසුවයි එහි ගමන් මගෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.
පැය 17 යි මිනිත්තු 45 ක සෘජු ගුවන් ගමන සාමාන්‍යයෙන් ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණීමට පෙර ඉන්දියානු සාගරය හරහා, මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපය හරහා ගමන් කරනු ලබනවා.

නමුත් බෝයිං 787 ගුවන් යානයට මාලදිවයිනේ අගනුවර වන මාලේ හි රාත්‍රී 11.30 ට පමණ අනපේක්ෂිත ලෙස නතර වීමට සිදු වූයේ යානයේ සිටි අයෙකුට හදිසි අනතුරක් සිදුවීම හේතුවෙන්.