Search

පිළිකා රෝගීන් වෙනුවෙන් 5000Km ක් බයිසිකලයෙන් ගිය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයා

පිළිකා පර්යේෂණයකට සහායවීමේ අරමුණින් කිලෝමීටර් 5000 කට ආසන්න ගමනාන්තයක් පාපැදියෙන් ගමන් කළ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

63 හැවිරිදි ගාමිණී චන්ද්‍රසේකර නම් ඔහු ඔස්ට්‍රේලියාවේ බටහිර සිට නැගෙනහිර වෙරළ දක්වා පාපැදියෙන් 5000 Km ගමන් කිරීමට සමත්වුණා.

පසුගිය මාර්තු 22 වනදා පර්ත් සිට ගමන් ආරම්භකළ ගාමිණී මැයි 3 වනදා එනම් පසුගිය සෙනසුරාදා දහවල් බ්‍රිස්බන් හිදී ගමනාන්තයට ලඟාවුණා.

ඒ සිය පවුලේ මෙන්ම ආධාරකරුවන්ගේ දැඩි ප්‍රශංසා මධ්‍යයේයි.

වැසි තත්වයන්ට මෙන්ම දැඩි උෂ්ණත්වය සහිත දුෂ්කර කාලගුණික තත්වයන් මධ්‍යයේ ඔහු ගමනාන්තය නිමකළ බවයි මාධ්‍යයට පැවසුවේ.

පාපැදියෙන් ගමන් කරන විට මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ සිහිපත් කරමින් ඔහු කියාසිටියේ විවිධ කෘමීන් මෙන්ම කඳුද , විශේෂයෙන් Port Augusta අසල ගමන ඉතා දුෂ්කර වූ බවයි.

එහිදී කිලෝමීටර් 20 ක් අඛන්ඩව ඉහළට යාමට සිදුවූ බවද ගාමිණී ප්‍රකාශ කළා.

වල් ඌරන් , එළුවන්, කැන්ගරුවන් මෙන්ම එමු සත්වයින්ද මෙම චාරිකාවේදී දැකගැනීමට හැකිවූ බව ඔහු කියාසිටියා.

ගාමිණී සෑම දිනකම කිලෝමීටර් 100 ත් 140 ත් අතර දුරක් පාපැදියෙන් ගමන් කර ඇති අතර මුළු ගමනට ඔහුට දින 42 ක් ගතවී තිබෙනවා.

ගාමිණී චන්ද්‍රසේකර පිළිකා පර්යේෂණයට සහායවීමේ අරමුණින් Peter MacCallum Cancer Foundation සඳහා ඩොලර් ලක්ෂ 21 කට වඩා වැඩි මුදලක් රැස්කරදීම ද විශේෂත්වයක්.

පීටර් මැක්කැලම් පිළිකා පදනමේ ප්‍රධාන විධායක නිළධාරී Craig Connolly පැවසුවේ පර්ත් සිට බ්‍රිස්බන් දක්වා බයිසිකලයක් පැදවීම වීර අභියෝගයක් වන බවයි.

එමෙන්ම එය ගාමිණීගේ ඇදහිය නොහැකි අධිෂ්ඨානය, ඔරොත්තුදීමේ හැකියාව සහ අභ්‍යන්තර ශක්තිය මනාව පෙන්නුම් කරන බවද Peter MacCallum හි ප්‍රධාන විධායකවරයා සඳහන් කළා.

මෙය ගාමිණීගේ දෙවන පාපැදි සවාරිය වන අතර 2018 වසරේදී මෙල්බන් සිට සිඩ්නි දක්වා පාපැදියෙන් ගමන් කිරීමට ඔහුට හැකිවුණා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »