Search

ශ්‍රී ලංකාවේ 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවයි

 

ශ්‍රී ලංකාවේ 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා.

අද උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මන්නාරම – 23% ක් බදුල්ල – 22% ක්  ගම්පහ – 20% ක් කළුතර – 20% ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

නුවරඑළිය – 20% ක් රත්නපුරය – 20% ක් හම්බන්තොට – 18% ලෙසයි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ.  

පළාත් පාලන ආයතන 341න් 339ක් වෙනුවෙන් පමණක් මෙවර ඡන්ද විමසීම පැවැත්වෙනවා.

අද දිනයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව 17,156,338 ක්.

දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 75,589ක් මෙවර මැතිවරණයට තරග වදිනවා

මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී  60%ක් කොට්ඨාස ක්‍රමයෙන්ද 40%ක් සමානුපාතික ක්‍රමයෙන්ද වශයෙන් සභිකයින් තෝරා ගැනීමට නියමිතයි

ඡන්ද විමසීම දිවයිනේ මධ්‍යස්ථාන 13,759කදී ක්‍රියාත්මකයි.

 

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »