
පසුගිය මාස 12 තුළ වික්ටෝරියානුවන් ලක්ෂයකින් 8690 ක් වැරදි කර ඇතැයි අපරාධ සංඛ්‍යාලේඛන කාර්යංශය පවසනවා.
පසුගිය මාස 12 තුළ වික්ටෝරියාවේ අපරාධ සංඛ්‍යාලේඛන වාර්තාව ඊයේ නිකුත් කළා.
දේපළ රැවටීම් පසුගිය මාස 12 තුළ විශාලතම වර්ධනයක් පෙන්නුම් කරන අතර එය 63,479 කින් ඉහළ ගොස් 353,624 ක් දක්වා වැඩිවී තිබෙනවා.

සොරකම් සම්බන්ධ වැරදි 51,248 සිට 225,958 දක්වා ඉහළ ගොස් ඇති අතර මෝටර් රථ සොරකම් කිරීම් පසුගිය මාස 12 තුළ 18,929 සිට 75,731 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2024 දෙසැම්බර් 31 දක්වා මාස 12 තුළ, සාපරාධී සිදුවීම් සංඛ්‍යාව 71,885 කින් ඉහළ ගොස් 456,453 ක් දක්වා වාර්තා වනවා.

ප්‍රාන්තයේ සාපරාධී සිදුවීම් වික්ටෝරියානුවන් 100,000 කට 6,550 වනු ඇති බවයි සංඛ්‍යා ලේඛන කාර්යංශය පෙන්වාදෙන්නේ.
පුද්ගලයන් හා සම්බන්ධ වින්දිත වාර්තා 265,972 දක්වා ඉහළ ගොස් ඇති අතර සංවිධානාත්මක අපරාධ සංඛ්‍යාව 109,311 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කාර්යංශයෙහි ප්‍රධාන විශේෂඥ Fiona Dowsley පැවසුවේ වික්ටෝරියානුවන් ලක්ෂයකට සොරකම් කිරීම් සම්බන්ධ වැරදි අනුපාතය ඓතිහාසික වාර්තාවක් කරා ගොස් ඇති බවයි.
ජීවන වියදම් පීඩනය, සොරකම් ඉහළයාමට ප්‍රධාන හේතුව විය හැකි බවයි සංඛ්‍යාලේඛනයෙහි ප්‍රධාන විශේෂඥවරයා අවධාරණය කළේ.