Search

වික්ටෝරියාවේ ඇල්ලුවත් විෂ වෙන හතු වර්ගයක්

මෙම සෘතුවේදී හටගැනෙන මාරාන්තික හතු වර්ගයක් පිළිබඳ වික්ටෝරියානුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

තෙත් සහ සිසිල් කාලගුණයකදී හටගැනෙන කහ පැහැති පැල්ලම් සහිත හතු පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Christian McGrath පැවසුවේ උද්‍යානවල හැදෙන මෙම හතු වර්ග ගැන විමසිලිමත් වන ලෙසයි.

දරුවන් මෙන්ම සුරතල් සතුන් ද එම හතු වර්ගයෙන් ප්‍රවේශම් කරගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා.

ඒවා ස්පර්ෂ කිරීම හෝ අනුභව කිරීම පවා නොකළ යුතු බවයි ආචාර්ය මැක්ග්‍රාත් පැවසුවේ.

නොදන්නා විශේෂවල හතු එකතුකර පරිභෝජනය කිරීමෙන් විෂ වීම් හෝ බරපතල රෝගාබාධ ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

අත්වැසුම් පැළඳ, බෑගයක තබා සාමාන්‍ය අපද්‍රව්‍ය බඳුනක දමා බැහැර කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම හතු වර්ගය අනුභව කිරීමෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවසක පිරිමි ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙය විෂ වීමේ ආරම්භක රෝග ලක්ෂණ වන්නේ බඩේ වේදනවා, ඔක්කාරය, වමනය සහ පාචනය යි.

වැඩිදුර තොරතුරු දැනගැනීමට වික්ටෝරියා විෂ තොරතුරු මධ්‍යස්ථානයේ 13 11 26 හෝ සත්ව විෂ දුරකථන අංකය 1300 869 738 අමතා හදිසි වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි වනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »