Search

ගෘහ භාණ්ඩ ආරක්ෂණ තොරතුරු අනිවාර්ය කෙරේ – නැතිනම් දඩ

අලෙවියට ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ ආරක්ෂණ තොරතුරු මැයි 4 වනදා සිට පාරිභෝගිකයින්ට ඉදිරිපත් කළ යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික ආරක්ෂණ අංශය අනිවාර්ය කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ කඩා වැටීමේ අවදානම් පිළිබඳ පාරිභෝගිකයින්ට ආරක්ෂිත අනතුරු ඇඟවීම් ලබාදිය යුතු බවයි එම අංශය පෙන්වාදෙන්නේ.

පාරිභෝගික ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය සභාපතිවරයා පැවසුවේ ගෘහ භාණ්ඩ කඩාවැටීමෙන් සිදුවන අනතුරු සහ මරණ අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

සෙන්ටිමීටර් 686 ක් හෝ ඊට වැඩි උසකින් යුත් ගෘහ භාණ්ඩ රාශියකට මෙම ප්‍රමිතිය පිළිබඳ තොරතුරු අදාල වනවා.

ගෘහ භාණ්ඩවලට අනතුරු ඇඟවීමේ ලේබල් ඇමිණීම සහ එකලස් කිරීම, නැංගුරම් දැමීමේදී ආරක්ෂිත උපදෙස් ඇතුළත් කිරීම සම්බන්ධ තොරතුරු ඊට ඇතුලත් කළ යුතු වනවා.

 නව රෙගුලාසි උල්ලංඝනය කරන සැපයුම්කරුවන්ට බරපතල දඩුවම්වලට මුහුණදීමට සිදුවන බවයි පාරිභෝගික ආරක්ෂණ අංශය අවධාරණය කරන්නේ.

 ඒ අනුව පුද්ගලයෙකු සඳහා ඩොලර් මිලියන දෙකහ මාරක සහ ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 50 ක දඩ නියම කරන බවයි එම අංශය කියාසිටියේ.

 සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 900 කට අධික සංඛ්‍යාවක් ගෘහ භාණ්ඩ පෙරළීමෙන් තුවාල ලබන අතර ඉන් වඩාත්ම අවදානමට ලක්වන වයස් කාණ්ඩය වන්නේ අවුරුදු 4 ට වැඩි දරුවන්.

2000 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ගෘහ භාණ්ඩ සහ රූපවාහිනී කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු පහට අඩු ළමුන් 17 දෙනෙකු ඇතුළු ව අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ අංශය පාරිභෝගිකයින්ට උපදෙස්දෙන්නේ අනතුරු ඇඟවීමේ ලේබල් ගැන සොයා බලන ලෙස හා බර භාණ්ඩ අවබෝධයෙන් හා ආරක්ෂිතව තබන ලෙසයි. 

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »