
ඕස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය holiday island වෙත යන පාලම දිගේ ඇති විදුලි පහන් දින තුනක සිට නිවා දමා තිබෙනවා.
ඒ Migratory birds (සංක්‍රමණික පක්ෂීන්) අපහසුතාවට පත්වීම වැලැක්වීම සදහායි.
සෑම වසරකම short-tailed shearwaters කුරුල්ලන් මිලියන 1.5 ක් පමණ ඇලස්කාවේ සිට වික්ටෝරියා Phillip Island දක්වා පැමිණෙනවා.

සංක්‍රමණ කාලය පැමිණි විට ඔවුන් ගෙවා පැමිණෙන දුර කිලෝමීටර් 15,000 ක් පමණ වනවා.
සංක්‍රමණික පක්ෂීන් හේතුවෙන් 2022 දී මෙම වැඩසටහන ආරම්භ වීමට පෙර පක්ෂීන් විදුලි පහන් දෙසට ඇදී ගොස් මෝටර් රථවලද ගැටෙන බවයි වාර්තා වන්නේ.

කුරුල්ලන් ආලෝකයට ඇදී යන්නේ ඇයිද යන්න තවමත් ගැටලුවක් බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මහාචාර්ය Duncan Sutherland පවසන්නේ.
ඔහු පෙන්වාදෙන්නේ කුරුලු පැටවුන්ට පමණක් මෙලෙස සිදු වන්නේ අත්දැකීම් අඩුකම නිසා යැයි විශ්වාස කරන බවයි.