
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික ශ්‍රේණිගත කිරීමේ හතර වන ස්තානයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වී තිබෙනවා.
පසුගිය මාසවලදී ඉන්දියාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණ කිරීම නිසා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම් වලදී ලකුණු පහක් එක්වූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කලේ.
ඒ අනූව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව , පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අභිබවා යාමට සමත් වී තිබෙනවා.

ඉන්දියාව ICC Champions Trophy 2025 ජයග්‍රහණයත් සමඟ එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම තවදුරටත් පසුවන අතර ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 122 සිට 124 දක්වා වැඩි කරගෙන තිබෙනවා.
ICC Champions Trophy 2025 අනුශූරයන් වන නවසීලන්තය ඕස්ට්‍රේලියාව පසුකර යමින් දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ICC ශ්‍රේණි ගත කිරීමේ සදහන්.

ඒ අනූව ඕස්ට්‍රේලියාවට හිමිව තිබෙන්නේ තුන්වන ස්තානයයි.