රටින් ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වීම ගැන අගමැති මොරිසන් යළි කථා කරයි

විදේශයන්ගෙන් ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වා ගන්නා ක්‍රමවේදය කිසිදු අයුරකින් වෙනස් නොකරන බව අගමැති ස්කොට් මොරිසන් යලි අවධාරණය කරයි.

ඉන්දියාවේ සිට පැමිණි පළමු කාණ්ඩය සම්බන්ධයෙන් අනුගමනය කල පිලිවෙත පිළිබඳ රජයට චෝදනා එල්ල වන අවස්ථාවකදී ඔහු මෙම අදහස් පළකර තිබේ.

අදාළ පිරිස පරීක්ෂා කර ඇත්තේ ඉන්දීය රජය විසින් තහනම් කර ඇති රසායනාගාරයකින් යන්න ප්‍රධානතම චෝදනාවකි.

කෙසේවතත් කුමන චෝදනා එල්ල වුවද බහුතරයක් ඔස්ටේ්‍රලියානුවන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම සිය අපේක්ෂාව බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

“ක්වන්ටාස් සමඟ ඔවුන්ගේ පරීක්ෂණ ක්‍රියාවලියේ කොටසක් ලෙස පැහැදිලිවම එම පරීක්ෂණ තන්ත්‍රය මෙහෙයවන අතර ඔවුන්ට අපෙන් සෑම සහයෝගයක්ම ලැබෙනු ඇත.

“ඉදිරි සති කිහිපය තුළ වාණිජමය වශයෙන් පහසුකම් සපයන ගුවන් ගමන් වලදී නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තවත් මධ්‍යස්ථාන ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙමි.” ක්වීන්ස්ලන්තයේ ග්ලැඩ්ස්ටන්හිදී මාධ්‍යවේදීන් අගමැති මොරිසන් අදහස් පළකර තිබේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »