
camping ගොස් අතුරුදන් වූ දෙදෙනෙකු සොයා වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 2 වනදා මෙල්බර්න් සිට කිලෝමීටර් 220 ක් පමණ දුරින් පිහිටි වෙලින්ටන් හි camping එකකට ඔවුන් එක් වී තිබුණා.
ඊයේ උදෑසන පවුල් සමඟ සම්බන්ධ වී සිටිය ද සවස් වන විටත් ඔවුන් ආපසු පැමිණ තිබුණේ නැහැ.

මෝටර රථයකින් චාරිකාවට එක් වී ඇති ඔවුන්ගේ ඡායාරූප මේ වනවිට පොලිසිය නිකුත් කර තිබෙනවා.
අතුරුදන්වූවන් පිළිබද තොාරතුරු ඇත්නම් 5142 2200 අංකයෙන් දැනුම් දෙන්නැයි සේල් පොලිස් ස්ථානය ඉල්ලීමක් කරනවා.
