Search

වික්ටෝරියා ප්‍රාන්තයේ මෝටර් රථ අනතුරෙන් දෙදෙනෙකු මිය යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් කලාපයේ උතුරින් සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් දෙදෙනෙකු රෝහල්ගතව අසාද්‍ය තත්වයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුනේ.

මාර්ගයේ බාධකයක ගැටී  මෝටර් රථය පෙරළී ගොස් යාමෙන් අනතුර සිදුව තිබෙනවා.

හදිසි සේවා මගින් එම ස්ථානයේදීම මියගිය පුද්ගලයින් දෙදෙනා සොයාගෙන තිබූ බවයි වාර්තා වුනේ.

වෛද්‍යවරුන් විසින් වයස අවුරුදු 30 ක කාන්තාවක් සහ  ගැහැණු දරුවකුට ප්‍රතිකාර කළ අතර, ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඔහු පැවසුවේ එහි ගමන් කළ සිව්දෙනාම තවමත් විධිමත් ලෙස හඳුනාගෙන නොමැති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »