
ඉදිරි මාස කිහිපය තුළ ඕස්ට්‍රේලියානුවන් සඳහා විශාල වෙනස්කම් සිදුවනු ඇති අතර එය මුදල් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇති බවට වාර්තා පලවනවා.
මූල්‍ය වර්ෂයේ අවසානය වේගයෙන් ළඟා වෙමින් පවතින අතර, ඒ සමඟම විශ්‍රාම වැටුප්, බදු, Centrelink සහ තවත් බොහෝ දේ වෙනස්කම් වලට භාජනය වනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.
ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානුවන්ට ඉහළ විශ්‍රාම වැටුප් ගෙවීම්, අවම වැටුපෙහි වෙනස්කම් සහ ඇතැම් Centrelink ගෙවීම් සහ සීමාවන් දක්වා වැඩිවීම් අපේක්ෂා කළ හැකි වනවා.

සේවකයින් සඳහා Superannuation සියයට 11.5 සිට සියයට 12 දක්වා වැඩි වනු ඇති.
අනිවාර්ය Superannuation සඳහා වන අවසාන නීතිගත වැඩිවීම මෙය වනවා.

මෙම වෙනසෙන් අදහස් වන්නේ සේවායෝජකයා විශ්‍රාමික ඉතුරුම් සඳහා සේවක වැටුපෙන් වැඩි ප්‍රතිශතයක් යොදවනු ඇති බවයි.
The General Interest Charge (GIC) සහ Shortfall Interest Charge සඳහා පොලිය තවදුරටත් අඩු නොවන අතර එමඟින් 2026 සහ 2027 දී බදු ආදායම ඩොලර් මිලියන 500 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ජාතික අවම වැටුප දැනට පැයකට ඩොලර් 24 ක් වන අතර එය පැය 38 ක සතියකට ඩොලර් 915 ක් හෝ වසරකට ඩොලර් 47,626 ක් පමණ වනවා.
centerlink මගින් Family Tax Benefit, Newborn Supplement සහ Multiple Birth Allowance ඇතුළු ගෙවීම් වැඩි වනු ඇති.
මෙය සෑම වසරකම ජූලි 1 වන දින සිදුවන නමුත් මෙවර වැඩිවීම තවමත් රජය විසින් තහවුරු කර නැහැ.
Age Pension, Disability Support Pension and Carer Payment ආදායම සහ වත්කම් සීමාවන්හි වැඩිවීම් සදහන්ව තිබෙන අතර ඊට අදාල මුදල් ප්‍රමාණයන් රජය විසින් තහවුරු කළ යුතු වනවා.
Medicare බදු අධිභාරය සඳහා වන සීමාවන් වැඩි කිරීමට නියමිත අතර යම් මුදලක් උපයන අතරතුර පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් නොමැති නම් එයට අමතර බද්දක් ගෙවිය යුතු වනවා.
ඒ අනූව ඩොලර් 101,000 ට වඩා උපයන අවිවාහක පුද්ගලයින්ට සහ ඩොලර් 202,000 ට වඩා උපයන සුදුසු රෝහල් රක්ෂණයක් නොමැති පවුල්වලට පිළිවෙලින් ඩොලර් 97,000 සහ ඩොලර් 194,000 සිට surcharge ගෙවීමට සිදුවනු වන බවයි වාර්තා වන්නේ.