
උසස් පාසල් විෂය මාලාවේ රියදුරු පාඨමාලා හඳුන්වා දීමේ තීරණය සම්බන්දයෙන් කටයුතු කිරීම කෙරෙහි ප්‍රාදේශීය රජයන් සහ රාජ්‍ය නොවන පාසල් බලධාරීන් අවදානය යොමු කල යුතු බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වර්තමානයේ, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් වැනි සමහර ප්‍රාන්ත යම් ආකාරයක මාර්ග අධ්‍යාපනයක් උගන්වන බවයි.
එහිදී ප්‍රදාන වශයෙන් මාර්ග අනතුරු වලට හේතු සහ නීතිමය පසුබිම් පෙන්වා දෙනු ලැබුවද එහිදී සිසුන්ට මෝටර් රථයක් පැදවීමට භෞතිකව උගන්වන්නේ නොමැති බවයි බලදාරීන් පෙන්වා දෙන්නේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ වික්ටෝරියානු උසස් පාසල් සිසුන් සඳහා, රියදුරු අධ්‍යාපනය සහ මාර්ග ආරක්ෂාව “නීති අධ්‍යයන, සෞඛ්‍ය, සිවිල් විද්‍යාව සහ ඉංග්‍රීසි වැනි වික්ටෝරියානු විෂයමාලා ක්ෂේත්‍ර කිහිපයකට සම්බන්ධ” බවයි.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා විවිධ උසස් පාසල්වල මාර්ග Smart Interactive ලෙස නම් කරන ලද ක්‍රියාකාරකම් මත පදනම් වූ රියදුරු පාඨමාලාවක් සිසුන් වෙත පිරිනමනු ලබනවා.
මෙම වැඩසටහන ප්‍රවාහන අනතුරු කොමිසම විසින් සංවිදානය කරන ලද අතර 9 ශ්‍රේණියේ සහ ඊට වැඩි සිසුන් සඳහා ක්‍රියාත්මක වනවා.

එහිදී ඔවුන්ට නවීන තාක්ෂණයන් හරහා මරණ අවම කරන මාර්ග ආරක්ෂණ කුසලතා උගන්වනු ලබනවා.
සුදුසුකම් ලත්, පළපුරුදු ගුරුවරුන් විසින් පවත්වනු ලබන පන්ති මගින් විශාල ප්‍රතිලාභ ලබා දිය හැකි අතර ආරක්ෂක මූලධර්ම, විශේෂයෙන් හදිසි අවස්ථා වලදී සහ නිවැරදි රිය පැදවීමේ පද්ධති අවබෝධ කර ගැනීමට සිසුන්ට හැකි වන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.