Search

Queensland හි මිය ගිය දරුවකුගේ හදවත පරිත්‍යාගය කරයි

හදිස්සියේ මිය ගිය දෙහැවිරිදි කුඩා දරුවකුගේ හදවතක් රෝගියකු වෙත පරිත්‍යාග කිරීමට එම දරුවාගේ දෙමාපියන් පියවර ගෙන තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා උතුරු Queensland හී Redlynch’s Busy Bees ළමාරක්ෂක මධ්‍යස්ථානයේ සිටියදී Henry Spletter නම් දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් සිහිසුන් වී තිබෙනවා.

පසුව වෛද්‍යවරු ඔහුව නැවත පණ ගන්වා Townsville විශ්ව විද්‍යාල රෝහලට ගෙන ගිය නමුත් සෙනසුරාදා මිය ගොස් ඇති බව වාර්තා වේ.

‘ජීවත්විය නොහැකි මොළයේ තුවාලයකින්’ දරුවා පීඩා විඳ ඇති බව වෛද්‍යවරු පවසනවා.

කෙසේ නමුත් Henry ගේ හුස්ම හිර වීමට හේතු වූයේ කුමක් ද යන්න ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දෙමාපියන් පවසන්නේ ළමාරක්ෂක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විශිෂ්ට ප්‍රථමාධාර ලබා ඇති බවත් ඒ සඳහා ඔවුන්ට මෙන්ම Townsville දැඩි සත්කාර ඒකක දෙපාර්තමේන්තු වලටද ස්තූතිවන්ත වන බවයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »