
ස්පාඤ්ඤයේ ඔවියෙඩෝ නගරයේ ජර්මන් ජාතික දෙමවුපියන් විසින් ඔවුන්ගේ දරුවන් තිදෙනෙකු 2021 දෙසැම්බර් මාසයේ සිට නිවස තුළ හිරකර තබා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම දෙමවුපියන් කොවිඩ්-19 වසංගත නීති, විශේෂයෙන් මුඛ ආවරණ පැළඳීම, වසංගතය අවසන් වී වසර ගණනාවකට පසුවත් දරුවන්ට බලහත්කාරයෙන් පනවා ඇති බව වාර්තා වේ.
පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පසු, නිවස තුළ තත්වය පරීක්ෂා කිරීමේදී, එය අපිරිසිදු තත්වයක පැවති බව හෙළි වුණා.

දෙමවුපියන්ට එරෙහිව ගෘහස්ථ හිංසනය, නිරන්තර මානසික හිංසනය හා දරුවන් අතහැර දැමීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දැනට ඇප නොමැතිව රඳවාගෙන සිටිනවා.
දරුවන්ව යෞවන රැකවරණ මධ්‍යස්ථානයකට යවා ඇති අතර, ඔවුන්ට කිසිදු රෝගයක් නොමැති බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

මෙම සිදුවීම “කොවිඩ් සින්ඩ්‍රෝමය” ලෙස හඳුන්වන මානසික බලපෑමක් හේතුවෙන් සිදුවන්නට ඇති බව පොලිසිය පවසනවා.