
හිටපු AFL ක්‍රීඩක ටැරින් තෝමස්ට මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනා මත සිතාසි නිකුත්කර තිබෙනවා.
මෙල්බර්න් සීබීඩී හි තහනම් කලාපක තෝමස් සිය ලැම්බෝගිනි රථය නවතා තැබීම හේතුවන් පොලීසිය එය සෝදිසියට ලක්කිරීමේදීයි මෙම මත්ද්‍රව්‍ය සහ ඩීල් බෑග් සොයාගෙන ඇත්තේ.
24 හැවිරිදි මෙම හිටපු AFL ක්‍රීඩකයාට සහ 25 හැවිරිදි තවත් තරුණයෙකුට මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

බැලරාට්හිදී මෝටර් රථ ගණුදෙනුවකදී තෝමස් සිය පිස්තෝලය පෙන්වා ප්‍රාණ ඇපයට ගත් සිද්ධිය සිදුවී සති තුනකට පසුවයි මෙම සිද්ධිය සිදුවුණේ.
පසුගිය වසරේ කාන්තාවකට තර්ජන කිරීම ඇතුළු අපචාර ක්‍රියා ගණනාවක නිරතව ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු පාපන්දු ක්‍රීඩාවට නුසුදුස්සෙකු බවට පත්වුණා.

ඒ අනුව ඔහුට තරඟ 18 ක තහනමක් පැනවූ අතර පසුව උතුරු මෙල්බන් කණ්ඩායම විසින් ඔහුව ඉවත් කරනු ලැබ තිබෙනවා.
කෙසේවෙතත් ලබන වසරේ AFL සඳහා ටැරින් තෝමස්ට ක්‍රීඩා කිරීමට හැකිද යන්න පිළිබඳව කිසිදු තීරණයක් තවමත් ගෙන නැහැ.